ඉතාලි භාෂාවෙන් ඉලක්කම්
I Numeri
පොඩ්ඩක් හිතන්න, අපි ඉලක්කම් නොදැන සිටියානම් කොයි වගේද කියල? කොහොමද ඔයාගේ වයස, phone number එක, උපන්දිනය කියන්න වෙන්නේ?
මේ පාඩමෙන් ඔයාලට ඉතාලියෙන් ඕනෑම අංකයක් කියන්න පුළුවන් වෙනවා.
- පළමුව 1 සිට 9 දක්වා ඉලක්කම් දැනගෙන සිටිය යුතුයි
- ඉලක්කම් දෙකේ අක්‍රමවත් අංක
- ඉලක්කම් දෙකේ බින්දුව සමග අංක
අනිත් numbers වලට, ඒ කියන්නේ ඉලක්කම් දෙකේ regular numbers වලට (21 සිට 99 දක්වා), පහත සඳහන් කර තිබෙන විදියට රීතියක් ඇත: බින්දුව සමග අංක දෙකේ ඉලක්කමයි, අංක එකේ ඉලක්කමයි එකතු කරන්න ඕනේ
20 + 3 = 23 ventitre වෙන්තිත්‍රේ
40 + 6 = 46 quarantasei කුවරන්තාසේයි
60 + 4 = 64 sessantaquattro සෙස්සාන්තාකුවත්ත්‍රෝ
30 + 2 = 32 trentadue ත්‍රේන්තාදූවේ
50 + 5 = 55 cinquantacinque චින්කුවාන්තාචින්කුවේ
70 + 7 = 77 settantasette සෙත්තාන්තාසැත්තේ
80 + 9 = 89 ottantanove ඔත්තාන්තානෝවේ
90 + 3 = 93 novantatre නොවාන්තාත්‍රේ
ATTENTION!! ATTENZIONE !! UNO 1 (එකයි) සහ OTTO 8 (අටයි) vowel එකකින් පටන් ගන්න නිසාත්, අංක දෙකේ බින්දුවේ ඉලක්කම් vowel එකකින් ඉවර වෙන නිසාත්, එය එක් කරන විට අපි හොඳට මතක තියාගන්න ඕනේ, අංක දෙකේ ඉලක්කමේ අන්තීම vowel එක අපි pronounce කරන්නවත් ලියන්නවත් ඕනේ නෑ කියල.
20 + 1 = 21 ventuno වෙන්තූනෝ
40 + 8 = 48 quarantotto කුවරන්තොත්තෝ
60 + 1 = 61 sessantuno සෙස්සන්තූනෝ
30 + 8 = 38 trentotto ත්‍රෙන්තොත්තෝ
උඩ වගුවේ සඳහන් කර තිබෙන විදිය ඔයාලට පෙනෙනවා ඇති. අංක 3 බින්දුව සමග අංක හැදී තිබෙන්නේ 2 සිට 9 දක්වා අංක + cento කියන විදියටයි. 100 සිට 199 දක්වා CENTO පමණක් යෙදේ.
ඉතින් අංක 3 numbers හදන්නේ කොහොමද කියල පහත තියෙන උදාහරණ බලමු
200 + 40 + 3 = 243 duecentoquarantatre දූවේචෙන්තෝකුවාරන්තාත්‍රේ
300 + 20 + 7 = 327 trecentoventisette ත්‍රේචෙන්තෝවේන්තිසැත්තේ
400 + 50 + 1 = 451 quattrocentocinquantuno කුවත්ත්‍රෝචෙන්තෝචින්කුවාන්තූනෝ
700 + 80 + 9 = 789 settecentottantanove සෙත්තෙචෙන්තොත්තාන්තානෝවේ
ATTENTION!! ATTENZIONE !! මෙතැනදී පමණක් කලින් ඔයාලට කියල දුන්න රීතිය වෙනස් වෙනවා, CENTO කියන අංකය vowel එකකින් ඉවර වුනත්, UNO 1 (එකයි) සහ OTTO 8 (අටයි) vowel එකකින් පටන් ගත්තත්, CENTO + UNO = CENTUNO වෙන්නේ නෑ, CENTO + UNO = CENTOUNO තමයි වෙන්නේ. පහත උදාහරණ බලමු
100 + 1 = 101 centouno චෙන්තෝ ඌනො
100 + 8 = 108 centootto චෙන්තෝ ඔත්තෝ
300 + 1 = 301 trecentouno ත්‍රේචෙන්තෝ ඌනො
300 + 8 = 308 trecentootto ත්‍රේචෙන්තෝ ඔත්තෝ
ATTENTION!! ATTENZIONE !! හැබැයි 80 OTTANTA (ඔත්තන්තා) එන අවස්ථාවන් වලදී ආයෙමත් අර රීතිය පිළිපදින්න වෙනවා. එතකොට 200 + 80 = 280 DUCENTOOTTANTA නෙමෙයි DUECENTOTTANTA යන විදියටයි ලියන්න සහ කියන්න ඕනේ. උදාහරණ බලමු
300 + 80 = 380 trecentottanta ත්‍රේචෙන්තොත්තාන්තා
100 + 80 = 180 centottanta චෙන්තොත්තාන්තා
700 + 80 + 9 = 789 settecentottantanove සෙත්තෙචෙන්තොත්තාන්තානෝවේ
- අවසාන වශයෙන් අංක 4 බින්දු 3ක් සමඟ ඉලක්කම් තිබෙනවා.
2000 + 100 + 60 + 5 = 2165 duemilacentosessantacinque දුවේමීලාචෙන්තෝසෙස්සාන්තාචින්කුවේ
1000 + 200 + 40 + 3 = 1243 milleduecentoquarantatre මිල්ලේදූවේචෙන්තෝකුවාරන්තාත්‍රේ
5000 + 300 + 20 + 7 = 5327 cinquemilatrecentoventisette චින්කුවේමීලාත්‍රේචෙන්තෝවේන්තිසැත්තේ
8000 + 400 + 50 + 1 = 8451 ottomilaquattrocentocinquantuno ඔත්තෝමීලාකුවත්ත්‍රෝචෙන්තෝචින්කුවාන්තූනෝ
6000 + 700 + 80 + 9 = 6789 seimilasettecentottantanove සෙයිමීලාසෙත්තෙචෙන්තොත්තාන්තානෝවේ
මේ වගේ දිගටම ගණන් හදාගෙන යන්න දැන් ඔයාලාට පුළුවන් වෙන්න ඕනේ...!!
- හරි අපි දැන් බලමු ඔයාලට මේ පාඩම තේරුනාද කියලා. පහත numbers ටික ඉතාලියෙන් ලියන්න.
- 48
- 71
- 91
- 542
- 493
- 2015
- 4370
- 1000
- 345.970
- 1.567.080
👇👇👇👇 comment කරන්න !!!!
Comments
Post a Comment